Gossips

නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන පිලිතුරු දෙන්න සූදානම් – හිටපු ජනපති

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත භූපති දුටුගැමුණු ජනපති මහින්ද කෘතිය එළිදැක්වීමේ උත්සවය අද පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.