Gossips

නිව්යෝක් ටයිම්ස් විවාදය අතරතුර මැතිසබේ සීනුව දෙවරක් නාද වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චීනය මුදල් යෙදවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එසේම, විවාදය අතරතුර ඝන පුර්ණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව දෙවරක් නාද කිරීමටද මූලාසනයට සිදුවුණා.
විවාදයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අතර අදාළ කල් තැබීමේ යෝජනාවට අමතරව වෙනත් කරුණු පිළිබඳවද උණුසුම් අදහස් පළ වුණා.