Gossips

නිව්යෝක් ටයිම්ස් වාර්තාවට එරෙහිව හිටපු ජනපති මහින්ද නඩු මගට

චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා තමාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් වනවා.
ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බවයි.
කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූ පළාත්පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පැවැත්වුණා.