Gossips

නිව්යෝක් ටයිම්ස් පුවත්පත ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තා පදනම් කරගෙන ඇති බවට චෝදනා

වත්මන් ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තාවක් පදනම් කරගනිමින් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබා දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තාකර ඇති බව අචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී චයිනා හාබර් සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අදාල මුදල ලබා දී ඇති බවයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කලේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂණයක් ආරම්භ කිරිමට ද සූදානම් වනවා.
චයිනා හාබර් සමාගම මුදලක් ලබා දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකල වාර්තාව සම්බන්ධයෙන් පුරවැසිබලය සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පල කිරිමේදී යම් උණුසුම් කතාබහක් ඇතිවුණා.