Gossips

නිවස ගිනි ගැනීමෙන් පාසල් දරුවන් ද සමග අසරණ වූ පවුලක්

දඹුල්ල පනම්පිටිය මැණික්දෙනයාය ප්‍රදේශයේ නිවසක් ගින්නකට හසුවීමෙන් සම්පුර්ණයෙන් විනාශයට පත්වී තිබෙනවා.
ඊයේ දහවල් නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර පාසල් ළමන්ගේ පොත්පත් ඇතුලු සියලුදේ විනාශවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දරුවන්ගේ දෙමව්පියන් එම අවස්ථාවේ කුලී වැඩ සඳහා ගොස් තිබු බව සඳහන්.
මේවන විට නිවසක් නොමැති ඔවුන් අසල්වැසි නිවසක තාවකාලිකව ලැගුම්ගෙන සිටිනවා.
මෙම පවුලේ දියණියන් දෙදෙනෙකු සහ පුත්‍රයෙකු සිටින අතර පුත්‍රයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බව ද සඳහන්.
වෙනත් අයෙකුට අයත් ඉඩමක කටුමැටි ගැසු නිවසක ජීවත්ව සිටි මෙම පවුලට මේවන විට කිසිදු සහනයක් නොමැතිවීම හේතුවෙන් අසරණ තත්වයට පත්ව සිටින බවයි අප වාර්තාකරු කියාසිටියේ.