බුලත්සිංහල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (06) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොඩකවෙල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂා සඳමාලි නැමැති 20 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තැනැත්තිය එම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කර ඇති අතර ඇයගේ නිල නිවස තුලදී මෙම අනතුර සිදුව තිබෙනවා.
විදුලි සැර වැදුණු තරුණිය බුලත්සිංහල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එම අවස්ථාවේදීත් ඇය මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
මියගිය තරුණියගේ දේහය බුලත්සිංහල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින එම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
