Gossips

නිවසට ආ කිඹුලා ඇල්ලු මෙහෙයුම

නිවසක් තුළට පැමිණි දැවැන්ත කිඹුලෙකු පොලීසිය, වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව කළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ මුලතිව්, මාන්කුලම, ඕලුමඩු ප්‍රදේශයේ නිවසකටයි මෙම සත්වයා පැමිණ ඇත්තේ.
අනතුරුව නිවැසියන් පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට කළ දැනුම් දීමකදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් පැමිණ කළ සොයා බැලීමකදී නිවස තුළ කිඹුලා සිට නොමැති අතර වැඩිදුර කළ සොයා බැලීමකදී අසල මාර්ගයක රැදී සිටියදි එම සත්වයා අල්ලා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.
අඩි 12ක් පමණ දිගකින් යුත් මෙම සත්වයා අල්ලා ගැනීමෙන් අනතුරුව අසල පිහිටි ජලාශයකට මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.