Gossips

නිවසක පිපිරීමකින් පාසල් දැරියකට බරපතල තුවාල (ඡායාරූප)

කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් පාසල් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා.
18 හැවිරිදි දැරිය කැකිරාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පිපිරීමෙන් දැරියගේ හිසට සහ පාදවලට තුවාල සිදුව ඇතැයි සඳහන්.
මීට දින කිහිපයකට පෙර හඳුනා නොගත් කුඩා ගුලියක් වැනි යමක් මෙම දැරියගේ පියා නිවසට ගෙනැවිත් තබා තිබෙනවා.
එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය එම ස්ථානයේ තිබී ඊයම් කැබලි කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
ඒ අනුව දේශීය වශයෙන් නිශ්පාදනය කරන හක්කපටස් වැනි යමක් පුපුරා යාමෙන් මෙම දැරිය තුවාල ලබන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.


(ඡායාරූප – කැකිරාව කුෂාන් ජයවර්ධන )