Gossips

නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන අළු වූ හැටි

නිවසක් හදිසියේම ගිනිගෙන දැවීයන අයුරු දැක්වෙන වීඩියෝවක් අපට වාර්තා වුනා.
මෙලෙස ගිනිගෙන ඇත්තේ ගාල්ල නියාගම ප්‍රදේශයේ නිවසක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළද ඒ වනවිටත් නිවස සම්පුර්ණයෙන්ම විනාශවී ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
එම නිවසේ අඹුසැමි යුවලක් සහ අවුරුදු 3 ක පොඩි ගැහැණු දරුවෙක් වාසය කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැත.
ගින්නෙන් නිවසේ තිබූ සියලුම භාණ්ඩ විනාශ වී තිබීම හේතුවෙන් ඔවුන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.
එම අවස්ථාව් ජංගම දුරකථනයක පටිගතව තිබුනේ මෙලෙසින්.