Gossips

නිවසක් තුල අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් (ඡායාරූප)

හැටන් ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ නිවසක් තුල තිබී මිය ගිය අයෙකුගේ සිරුරක් අද (19) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව 59 හැවිරිදි පුද්ගලයක්.
මියගිය පුද්ගලයා මත් පැන් පානයට අධික ලෙස ඇබ්බැහි වි සිටි අයෙකු බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
මෙය ස්වභාවික මරණයක්ද නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
මියගිය පුද්ගලයාගේ සිරුර මහේස්ත්‍රාත් මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කරන බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ