කිතුල්ගල – කළුකොහුතැන්න ප්රදේශයේ නිවසකට 12 වැනිදා රාත්රියේ ඇතුළු වූ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙම පහරදීමට පෙර කිසියම් පුද්ගලයෙකු එම නිවසට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති නමුත් එය පුපුරාගොස් නොමැති අතර, ඊට සැකපිට පොලිසිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.