වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.
ප්‍රදේශයේ පවතින නියඟය හමුවේ වැව් සිඳී යාම හේතුවෙන් මෙම කිඹුලා ආහාර සොයා මෙලෙස පැමිණෙන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.
අඩි 8 ක පමණ දිගින් යුත් මෙම කිඹුලා හැල කිඹුල් විශේෂයට අයත් සත්වයෙක් බව සඳහන්.
අල්ලා ගනු ලැබු මෙම කිඹුලා ජල පෝෂක රක්ෂිතයකට මුදා හැරීමට නියමිත බව ද වනජීවී නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ / රොමේෂ් මදුෂංක
