Gossips

නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට

දින පහක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටි බවයි ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපතිවරයා මෙම සංචාරය අතර තුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතයි.