Gossips

නිල කාලසීමාව අන්තයේදී ඌවේ මන්ත්‍රීවරුන් රුසියානු සංචාරයකට සැරසේ

සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 34 දෙනාම එකවර රුසියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා නගනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්න මොහොතක මෙලෙස විදෙස් සංචාරයන්හි නිරත වීම අනුමත කළ නොහැකි බවයි.