Sports

නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්..

COLOMBO (News 1st): ටොකියෝ ඔලිම්පික් උළෙලට බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් සහභාගි වන නිලූක කරුණාරත්න අද(24) චීන තායිපේ ක්‍රීඩක ට්සූ වේ වැන්ග් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත් විය. ලකුණු සටහන දැක්වුණේ 21-15 හා 21-12 ලෙසය. මූලික ව⁣ටයේ එෆ් කාණ්ඩයෙන් තරග වදින නිලූක හෙට(25) අයර්ලන්තයේ නාත් ග්යෙන් සමගින් තරග වැදීමට ද නියමිතය.

The post නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.