Gossips

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු හතරදෙනෙකු බේරාගැනේ

නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු බේරාගැනීමට උප්පුවේලි පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.
පවුලේ ඥාතීන් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි මොවුන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර කිරින්ද මුහුදේ දියේ නෑමට ගොස් අතුරුදන්ව සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ දහවල් ඥාතීන් පිරිසක් සමඟ කිරින්ද මුහුුදු තීරයේ දිය නාමින් සිටියදියි මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ.