නිලාවේලි මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
ඊයේ (29) පස්වරුවේ මොහු සිය බිරිද සමග නිලාවැලි මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී රළ පහරට හසුවීමෙන් දියේ ගිලී ඇති බවයි පොලීසිය සදහන් කළේ. 
මියගිය විදේශිකයා 71 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතිකයෙක්.



