නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
