Gossips

නිල් මහ සටන ජය පරාජයෙන් තොරව නිමයි

කොළඹ රාජකීය විද්‍යලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර දින 03ක් පුරා කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගනයේ පැවති 139 වන නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අද (11) අවසන් වුණා.
ජයග්‍රහණය සදහා ලකුණු 216ක ඉලක්කයක් හඹා ගිය රාජකීය විද්‍යාලීය ක්‍රීඩකයින්, තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වන විට, කඩුලු 06ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා.
ශාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම අත්අහිටුවනු ලැබුවේ කඩුලු 06කට ලකුණු 227ක් ලබා සිටිදීයි.
පළමු ඉනිම සදහා ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 09ක් දැවී ලකුණු 166ක් ලබා ගත් අතර රාජකිය විද්‍යාලය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178ක්.