Gossips

නිල් මහා සටනේ දෙවන දිනය අවසන්

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වන නිල් මහා සටනේ දෙවන දිනය අදයි.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158 ක්.
ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 296 ක් රැස් කළ අතර, අද තරඟ ය නිමා කරන විට රාජකීය කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටියා.
මේ අතර, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරඟයේ පළමුව පන්දුවට පහරදෙන ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දිනය නිමා වනවිට කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියා.