Gossips

නිරිත දිග මෝසමෙන් ලබන සතියේ තවත් වැසි

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි සහගත බව හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩ බලන අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියේ ලබන සතිය තුළදී නිරිත දිග මෝසම සක්‍රීය විමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, දැදුරු ඔයේ වාන් දොරටු 4ක් සහ උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් තවමත් විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ඒ පිළිබඳව ජලාශ පහළ කොටසේ ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.