Gossips

නිරිතදිග ප්‍රදේශයට අද රාත්‍රියේ තද වැසි

අද රාත්‍රිය වන විට දිවයිනේ නිරතදිග ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකටම අද දහවල් කාලයේ තද වැසි ඇදහැලුණා.
මධ්‍යහ්න 12 ට පමණ කොළඹ නගරයේ ස්ථාන රැසකට තද වැසි ඇදහැලුණා.
එම වර්ෂාව අඩහෝරාවක පමණ කාලයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර, පැවති අයහපත් කාලගුණයෙන් බලපැමට ලක්වූ තවත් ප්‍රදේශ කිහිපයකටම අද දහවල් තද වැසි ඇදහැලී තිබෙනවා.
එම ප්‍රදේශවල වැසි තත්වය තවදුරටත් බලාපොරාත්තුවන බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටියේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක 150 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.