Gossips

නිර්භීත තීරණ නොගැනීමේ ප්‍රතිඵල හිටපු ආරක්ෂක ලේකම් කියයි

ආණ්ඩුව නිර්භීත තීරණ ගත්තේ නම් රටේ ආර්ථිකයට මෙම තත්ත්වය උදා නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
එළිය සංවිධානය කෝට්ටේ අද පැවැත්වූ ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පොලීසියේ උසස් නිලධාරියෙකු ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කර ගැනීමට තරම් හැකියාවක් හෝ රජයට නොමැති බවයි.