පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් ඊයේ (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (18) කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ රස පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරත කරන ලෙසයි.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන එමිල් රංජන් ළමාහේවා යන සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
– පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව
– කියන්න ජනාධිපතිතුමාට මාස 6 ක් වෙලා කියලා. කුඩු කාරයෝ එකතු වෙලා මාව ඇතුළට දැම්මේ කියන්න. නඩු 60 ක් තියෙනවා කියන්න මට. ඔක්කොම කිලෝ එකසිය ගණන් දෙසිය ගණන් කේස්. ඒවා මොකක්වත් හිතන්නේ නැතුව බොරු වාර්තා දදා හැමදාම මාව රිමාන්ඩ් කරනවා කියන්න. ජනාධිපතිතුමාට කියන්න අපි ගැනත් බලන්න කියලා. අපි මිනි මරලා නෑ. අපි ත්‍රස්තවාදියෝ නෙමෙයි අපි බැංකු කඩලා නැහැ. අපි රට වෙනුවෙන් වැඩ කරපු රජයේ සේවකයෝ. අපි ගැන බලන්න කවුරුත් නෑ කියලා කියන්න ජනාධිපතිතුමාට. පුළුවන්නම් එතුමාගේ කාට හරි එන්න කියන්න අපිත් එක්ක කතා කරන්න රිමාන්ඩ් එකට. අපි පෙන්වන්නම් කියන්න අපේ නිර්දෝශීභාවය. දාලා තියෙන බොරු රිපෝට්. ඔක්කොම එවුන් ටික. ඕගොල්ලෝ මොකක්ද චැනල් එක. හරි.. අපි බලන්නම් හිරු ඕගොල්ලෝ දානවද කියලා.
