Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන, අගමැති වාර්තාවක් කැදවයි – පරීක්ෂණ CID යට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහ එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ද පොලිස්පතිවරයා නියෝග කළ බවයි.