Gossips

නියෝජ්‍ය පොලිස්පතිගේ මාරුව ගැන ඒකාබද්ධයට සැකයක්

චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සැකයක් මතුව තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කොළඹදී අද මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇති වූ දුරකතන සංවාදයේ දත්ත මකා දැමීමේ අරමුණින් මෙම අනුුයුක්ත කිරීම සිදු කර ඇති බවටයි.
මේ අතර පසුගියදා පැවති ජනබලය කොළඹට විරෝධතාව අතරතුර විෂ සහිත කිරි පැකට් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමට පැමිණ තිබෙනවා.