Gossips

නියෝජ්‍ය කතානායක ධූරය අංගජන් රාමනාදන්ට, දෙමළ සන්ධානයේ විරෝධය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ නම යෝජනා කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කතානායකවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.
ඒ බව කතානායකවරයා ඊයේ (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මීලඟ පක්ෂ නායක රැස්වීමේදී දැනට ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.
ඔහු මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.