Gossips

නියෝජ්‍ය කතානායකට තර්ජනය කිරීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක්

විශ්වාසභංග විවාදය පැවති දිනයේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට, අමාත්‍ය නවීන් දිසානායක තර්ජනය කළ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව කතානායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමුකිරීමත් සමඟයි.
එහිදී අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බවයි.