Gossips

නියෝජ්‍ය ඇමති රන්ජන්ගෙන් පරස්පර ප්‍රකාශ

ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය සිය වාර්තාව සඳහා අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බවට තමාට පැවසූ බව මීට පෙර සඳහන් කළ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අද එවැනි ප්‍රකාශයක් නොකළ බව ප්‍රකාශ කළා.
ඒ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
අදාළ වාර්තාව ලියූ මාධ්‍යවේදිනිය සමග තමන් දුරකථනයෙන් කථා කළ බවත්, එහිදී ඇය එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බව පැවසූ බවත්, ඉකුත් 29 වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පැවසුවා.