නියෝජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හින්දු කටයුතු විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.
පෙරේදා සිදුකෙරුණු නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්ථාන්ට නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුර සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවුණා.
කාදර් කාදර් මස්තාන්ට හිමි වූ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හින්දු කටයුතු විෂය ඇතුළත්වීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් එල්ලවූවේ දැඩි විරෝධයක්.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය පළ කළ අතර, උතුර පළාත් සභාවේදී සිවාජිලිංගම් මන්ත්‍රීවරයාද කියා සිටියේ හින්දු කටයුතු විෂය කාදර් කාදර් මස්ථාන් මන්ත්‍රීවරයාට ලබාදීම නිවැරදි නොවන බවයි.
එමෙන්ම ප්ලොට් සංවිධානය සහ ටෙලෝ සංවිධානයද නිවේදන නිකුත් කරමින් ඊට විරෝධය පළ කර තිබුණා.
මනෝ ගනේෂන් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි.
