Gossips

නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර FCIDයට පැමිණේ

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන් බී‍්‍රෆ් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක මිලදී ගන්නා අවස්ථාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.
මීට පෙර තමන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව අද දින ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
නැව් සංස්ථාවේ හිටපු සභාපතිවරයා, වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇතුළු පසුගිය රජයේ හිටපු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.