Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම අංගම්මැඩිල්ල වනෝද්‍යානයේ වැටලීමක

අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ නිධන් සොයමින් සිටි වනජීවි නිලධාරියෙකු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග ඊයේ රාත්‍රි සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයට අයත් අඹන් ගගේ පිරිසක් නීති විරෝධී ලෙස මැණික් ගැරීමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පොලිස් කණ්ඩායමක් සමග ඊයේ රාත්‍රි 9 ට පමණ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයට ගොස් තිබුණා.
කඳවුරු බැඳ ජාවාරමේ නිරත පිරිස හමුවූයේ ඒ අතරතුරයි.