Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම එස්.ටී.එෆ් සමඟ පැටලෙයි

අලි වැටක් ඉදිකිරීම සඳහා සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයට ගොස් ඇත්තේ එම ප්‍රදේශයට වන අලි කඩාවැදීම නැවැත්වීම සඳහා අලි වැටක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමටයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරන් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් බාධා කිරීම් සිදුවන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කර තිබෙනවා.
එම දැනුම්වත් කිරීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සූරියවැව ප්‍රදේශයේ පස් ප්‍රවාහනය කරන ස්ථානයට ගොස් එම ගැටළුව පිළිබඳව සොයා බලන අතර, එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක්ද පැමිණි අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර උණුසුම් වාග් සංවාදයක් සිදුවුණා.