හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පියවර ගත්තා.
ඊයේ දහවල් නියෝජ්‍ය අමාත්‍යවරයා නුවරඑළිය – අඹේවෙලට පැමිණෙමින් සිටියදීයි මෙලෙස හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් දැක ඇත්තේ.
එහිදී සිද්ධියට අදාළව පුද්ගලයින් 7 දෙනෙකු සහ වාහන 2 ක්ද පොලිස් බාරයට පත් කිරීමටයි පසුව අමාත්‍යවරයා කටයුතු කළේ.
නුවරඑළිය – අඹේවල – 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේයි මෙම සත්වයන් ගැටගසා තබා ඇත්තේ.
