Gossips

නියෝජ්‍ය ඇමති කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය අයත් නැහැ

නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා.
තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ බවත්, ජනාධිපතිවරයා ඒ පිළිබද තමන් දැනුම්වත් කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.
නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරිමේදී නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුර සංවර්ධන මෙන්ම හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද කාදර් මස්ථාන්ට හිමිවීම සම්බන්ධයෙන් දේශපාලන සමාජයේ ඇති වුණේ පුළුල් සංවාදයක්.
ගැටලූව විසදා ගැනිම සදහා නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන් අද ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතව තිබුනත් එම හමුව සිදුව තිබුණේ නැහැ.