බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුශ්මන්ත මිත්‍රපාලගේ ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව වංචනික ලෙස යොදාගෙන ඇති බවට අවිස්සාවේල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදුකළ කරුණු වාර්තා කිරීමකට අනුව මෙම ව්‍යාජ ලේඛන සහ මුල් ලේඛන රජයේ අත්අකුරු පරීක්ෂක වෙත යොමු කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.
පළාත් පාලන අමාත්‍යාංශයෙන් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් සකස් කළ ලිපියකට අදාළව මෙම පැමිණිල්ල නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය දා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණා.
