Gossips

නියෝගයක් ගැන හිමිවරුන් තිදෙනෙකු අදහස් පළ කරයි

වරෙන්තු නිකුත් කළ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තමන් වහන්සේ කිසිවක් නොදැන සිටි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් ප්‍රකාශ කළා.
ඒ 2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරු විරෝධතාවකදී රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාව යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගය පිළිබදව අදහස් දක්වමින්.
මෙහිදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.