නියමිත කාල සීමාවේදී වගා කටයුතු කර අස්වනු නෙලීමෙන් වගාවට සේනා දළඹුවන් වැනි පලිබෝධයන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග පවසනවා.
ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේනා දළඹු හානිය හේතුවෙන් සිදුවුණු වගා හානි ගණනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත්, ගොවීන්ගෙන් තවමත් චෝදනා එල්ල වන්නේ මේ සඳහා නිසි විසඳුමක් ලබාදී නොමැති බවටයි.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමුව ඇති බව ඊයේ වාර්තා වුණා.
