උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව උතුරු පලාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවයි දිස්ත්‍රීක් භාර අපාදා කළමනාකරණ ඒකකයන් පෙන්වා දෙන්නේ.
(ඡායාරූප – රොමේෂ් මදුශංක )