බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 5 ක් යොදවා ඇති බවයි.
ඊට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක්ද ඇතුළත්.
ගින්න හේතුවෙන් බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
