Gossips

නිමාලි ලියනාරච්චිට 7 වන තැන

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟ සඳහා සහභාගිවූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චිට 7 වන ස්ථානය හිමිව තිබෙනවා.
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි තත්පර 8.52 ක්.
ගයන්තිකා අබේරත්නද කාන්තා මීටර 800 ඉසව්වේ මූලික වටයට සහභාගිවූ අතර, එහිදී ඇයට 8 වන ස්ථානය හිමිවුණා.
මේ අතර බැඞ්මින්ටන් මිශ්‍ර යුගල මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිණි ප්‍රමෝදිකා වට දෙකට බින්දුවක් ලෙස සිංගප්පූරුව හමුවේ අද පරාජයට පත්වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මූලික වටයේ තරගයේදී ඉන්දියාවේ ශ්‍රීකාන්ත් කදම්බි හමුවේ පරාජයට පත්වූයේ දෙකට බින්දුවක් ලෙසයි.
තරඟාවලියේ පදක්කම් 4 ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව 25 වන ස්ථානයේ වන අතර, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව පිළිවෙලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථානවලයි පසුවන්නේ.