Gossips

නිමාලි කඳුළු සලයි

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරඟ ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගයන්තිකා අබේරත්න අද සමත් වුණා.
ඒ, මූලික වටයේදී මිනිත්තු 2යි තත්ත්පර 6.31ක කාලයක් වාර්තා කරමින්.
මේ අතර, එම තරඟ ඉසව්වේ මූලික වටයේ තවත් තරඟයකට එක්වූ එල්.ඒ. නිමාලිට අවසන් තරඟයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව ගියා.
කෙසේ වෙතත්, මෙවර තරගාවලියට ඇගේ පුහුණුකරු එක් කර ගැනීමට බලධාරීන් ඉඩ ලබාදී තිබුණේ නැහැ.
මේ, තරඟයෙන් පසු තමාට සිදුවූ අසාධාරණය පිළිබදව කඳුළු සලමින් මළල ක්‍රීඩිකා එල්.ඒ. නිමාලි කියා සිටියේ සිය පුහුණුකරු මෙම තරගාවලියට සම්බන්ධ වූයේ නම් තමන්ට මීට වඩා දස්කම් දැක්වීමට හැකියාව ලැබෙන බවයි.