Gossips

නිමල් සිරිපාලත් 16 කණ්ඩායමට ?

ඉදිරියේදී නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ද 16 කණ්ඩායමට එක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් දෙදෙනෙකු නිදහස් පක්ෂයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි එහිදී ඔහු කියා සිටියේ.
මේ අතර, මුදල් අමාත්‍යාංශය විසින් මෙහෙයවන ගම් පෙරළිය වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම අද සිදු කෙරුණා.
ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානය පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.