ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
නිපා ලෙස නම් කර ඇති මෙම වෛරසය මීළඟ වසංගත රෝගය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.
මෙම රෝගයෙන් මේ වනවිටත් කේරළයේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 25 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති නිපා වෛරස් රෝගය වැළඳෙන සියයට 70 ක් මියයන බව සඳහන්.
