Gossips

නින්දක් කළ අනතුර

කොළඹ සිට බගවන්තලාව බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (05) දා අළුයම 05.00 ට පමණ හැටන්, මල්ලිඅප්පුව මංසන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටී අනතුරට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම මෝටර් රථයේ තරුණයන් තිදෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ පාදයකට සුලු තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙම මෝටර් රථය දීපවාලී උත්සවය වෙනුවෙන් තරුණයන් රැගෙන කොළඹ සිට බගවන්තලාව ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත්, රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය ප්‍රකාශ කළා.