‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි.
මොහු 31 හැවිරිදි ඉහළ බියන්විල – කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.
සැකකරු සතුව තිබී ස්වයංක්රිය ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ අතුකෝරාල කංකානම්ගේ සඳුන් ප්රියදර්ශන නොහොත් චූටා නැමති පුද්ගලයා විදෙස්ගතව සැඟව සිටින අංගොඩ ලොක්කා නැමති පාතාල නායකයාගේ් සමීපතමයෙකු බවයි.
මොහු සමඟ අපරාධ ක්රියා මෙහෙයවූ තුවාන් නැමති පාතාල සාමාජිකයා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවටද හෙළිව තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්රියාත්මක බවයි.