Gossips

නිධන් හෑරූ හතරදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල – මහවැව ආරණ්‍ය සේනාසනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල, සූරියආර, ඇල්ල සහ ඌව කරඳගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සන්තකයේ තිබී නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.