වවුනියාව – පුවරසන්කුලම – වෙක්කඩිපිලව් – කංචිකුලම කැලෑබද ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කණ්ඩායමක් විසින් කැණීම් සිදුකරමින් සිටියදී ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයින් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
