Gossips

නිධන් හෑරූ චීවරධාරියෙකු ඇතුළු 04 ක් අල්ලයි

තණමල්විල – බෝදාගම විහාරස්ථානයක පිටුපස නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අම්බලන්තොට, සූරියවැව සහ බෝදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 30 ත් 50 ත් අතර වයස්වල පසුවනවා.