Gossips

නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට

වවුනියාව,ඕමන්ත,පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ඊයේ(02) අත්අඩංගුවට ගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නිධන් හැරීම සිදුකරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ පිරිස ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, අත්අඩංගුවට පත්වූවන් අතර නිධන් ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කොට අදුන බැලීම සිදුකළ පුද්ගලයෙකු සිටින බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ගල් විදින යන්ත්‍රයක්,අලවංගු,උදලු, ගල් විදීම සදහා යොදාගත් වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් හමුව ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් වවුනියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලයින් වන අතර සැකකරුවන් වයස අවුරුදු 22 ත් 28 ත් අතර පසුවන පිරිසක් වන බවයි.
අත්අඩංගුවට ගත් කණ්ඩායම කලෙක සිට නිධන් ගැනීමේ ජාවාරම සුදානම් කොට ඇති අතර, නිධන් හෑරීමට අවශ්‍ය උපකරණ රැසක්ද සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් පිරිස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(03) ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.